Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023/2024 වාර්ෂික අඹ වාරයේ අස්වැන්න වාර්තාගත ලෙස මිලියන 250 ඉක්මවයි

2023/2024 වාර්ෂික අඹ වාරයේ අස්වැන්න වාර්තාගත ලෙස මිලියන 250 ඉක්මවයි

2023/2024 වාර්ෂික අඹ වාරයේ අස්වැන්න වාර්තාගත ලෙස මිලියන 250 ඉක්මවයි

මෙරට වාර්ෂික අඹ අස්වැන්න ප්‍රමාණයෙන් ගෙඩි මිලියන 250ක් ඉක්මවමින් 2023/2024 වාර්ෂික අඹ වාරයේ අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. TEJC අඹ කිලෝවක් රුපියල් 800ත් 1000ත් අතර මට්ටමක පැවතියත් මේ වාර්තාගත අඹ අස්වැන්න නිසා මේ වන විට වෙළෙඳ පොළේ TEJC අඹ කිලෝවක මිල රුපියල් 400ත් 500ත් අතර මිලක් දක්වා පහත වැටී ඇතැයිද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

පසුගිය වර්ෂයේ (2023) පැවති දීර්ඝ කාලීන වියළි කාලගුණය මෙන්ම පසුව ඇති වූ වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය අඹ අස්වැන්න ඉහළ යෑමට හේතුවී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය.

මේ වන විට දිවයින පුරා අක්කර දහස් ගණනක මේ අඹ වගා කරන අතර, විශේෂයෙන් අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තිකව වගා කිරීමෙන් සිදු වන මිල පහළ යෑමෙන් නිෂ්පාදනය අඩාළ විය හැකි බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

එම නිසා අඹ වගාව තවදුරටත් ව්‍යාප්ත කළ යුතුද යන්න සම්බන්ධව තමන්ට විද්‍යාත්මක වාර්තාවක් දෙන ලෙස ඇමැතිවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනයේ දත්ත අනුව සාමාන්‍යයෙන් මෙරට වගා කෙරෙන සියලුම අඹ ප්‍රභේදවල වාර්ෂික අඹ අස්වැන්න ගෙඩි මිලියන 250ක් පමණ වේ. නමුත් 2023/2024 අඹ වාරයේ එම ප්‍රමාණය ඉක්මවා ගිය අස්වැන්නක් ලැබී ඇතැයි දැනට සිදු කර තිබෙන දත්ත එක්රැස් කිරීමෙන් තහවුරුවී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය.

Exit mobile version