Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දැවැන්ත පෞරාණික නගරයක් ඇමේසන් වනාන්තරයෙන් සොයාගනී

දැවැන්ත පෞරාණික නගරයක් ඇමේසන් වනාන්තරයෙන් සොයාගනී

දැවැන්ත පෞරාණික නගරයක් ඇමේසන් වනාන්තරයෙන් සොයාගනී

වසර දහස් ගණනක් තිස්සේ සශ්‍රීක වෘක්ෂලතාවලින් සැඟව තිබූ දැවැන්ත පෞරාණික නගරයක් ඇමේසන් වනාන්තරයෙන් සොයාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සොයාගැනීමත් සමග ඇමේසන් හි ජීවත් වන මිනිසුන්ගේ ඉතිහාසය අලුත් වනු ඇති බව පුරාවිද්‍යාඥයින් පවසනවා.
මේ පෞරාණික නගරය ගිනිකන්දක් ආශ්‍රිතව පිහිටා තිබෙනවා.

පුරාවිද්‍යාඥයින් පවසන්නේ, මෙම නගරය ඉදිකර ඇත්තේ, වසර 2500කට පමණ පෙර වන අතර එහි මිනිසුන් වසර 1000ක් පමණ ජීවත්ව සිටි බවයි.

විශාල ගස්වලට යට වූ මේ නගරයේ නටබුන් අතර සෘජුකෝණාස්‍රාකාර වේදිකා 6,000 ක්ද සොයා ගෙන තිබෙනවා.
පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඒවා උත්සව අරමුණු කොට ගෙන නිර්මාණය වූවක් බවයි.

නගරය ඇතුළත ජලය කළමනාකරණය කිරීමට සැකසූ ඇළ මාර්ගයන්ද පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.

Exit mobile version