Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකට තොග – සිල්ලර මිල පරාසයක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකට තොග - සිල්ලර මිල පරාසයක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකට තොග - සිල්ලර මිල පරාසයක්

පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකට උපරිම තොග සහ සිල්ලර මිල පරාසයක් ප්‍රසිද්ධ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එහිදී තොග මිල නිෂ්චිත මිලක් ලෙසද, සිල්ලර මිල පරාසයක් ලෙසද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අල සහ මයිසූර් පරිප්පු සඳහා මෙසේ උපරිම තොග සහ සිල්ලර මිල ප්‍රසිද්ධ කළේය.

වියළි මිරිස් කිලෝවකට රුපියල් 900ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 1000ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 400ක, අල කිලෝවකට රුපියල් 145ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 290ක තොග මිලක් ප්‍රසිද්ධ කර තිබේ.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 1100ත් 1300ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 290ත් 310ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100ත් 1500ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 450ත් 570ත් අතර, අල කිලෝවක් රුපියල් 180ත් 210ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 300ත් 360ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ.

Exit mobile version