Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වහාම ක්‍රියාත්මක වන පරිදී ටින්මාළු ආනයනය තහනම් කරයි

නීත්‍යානුකූල රෙගුලාසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ටින් මාළු කම්හලක් වටලයි

නීත්‍යානුකූල රෙගුලාසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ටින් මාළු කම්හලක් වටලයි

දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා විදේශයන්ගෙන් ටින්මාළු ගෙන්විම අද(11) සිට නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත වෙත උපදෙස් ලබා දී තිබේ.

ධීවර අමාත්‍යාංශයේදී ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් හා අමාත්‍ය දේවානන්දා අතර පැවති සාකච්ඡාවේදී වර්ථමානයේ ටින්මාළු කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටළු රැසක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදි.

ඉන් ප්‍රධානතම ගැටළුව වුයේ පසුගිය මාස කිහිපය තුල ටින් මාළු ටොන් 8000ක් පමණ විදේශිය රටවලින් ගෙන්වීම හේතුකොට ගෙන දේශීය ටින්මාළු අලෙවි කර ගැනීමට දේශීය වෙළදපොලේ නොහැකි වී තිබේ.

විශේෂයෙන් විදේශයෙන් ගෙන්වන ලද ටින් මාළු වල මිල අඩු වීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
සිය කර්මාන්තශාලා මේවන විට වසා දැමීමට සිදු වී ඇති බවත් එම නියෝජිතයන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.

ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා අද(11) දින සිට ටින් මාළු ගෙන්වීම තාවකාලිකව නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් අතර දැනට ගෙන්වා ඇති ටින් මාළු සදහාද අමතර බද්ධක් අයකිරීමට සුදුසු පියවරයන් පිළිබදව සොයා බලා තමන්ට වාර්ථාවක් ලබා දෙන ලෙසද අමාත්‍යාංශ ලේකම්තුමිය වෙත උපදෙස් ලබා දෙන ලදි.

Exit mobile version