Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් 300කට වැඩියි

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 31ක්; රෝගීන් 51,000 ඉක්මවයි

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 31ක්; රෝගීන් 51,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් 300කට වැඩි පිරිසක් දෛනිකව වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ ගත වූ දින 06 තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,871 දෙනෙකු වාර්තා වී ඇති බව එම ඒකකය පෙන්වා දී තිබේ.

ඉන් වැඩිම රෝගින් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 643කි.

උතුරු පළාතෙන් රෝගීන් 438 දෙනෙකු සහ වයඹ පළාතෙන් රෝගීන් 165 දෙනෙකු ගත වූ දින 06 තුළ වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මේ වනවිට දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ සුළු අඩු වීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

Exit mobile version