මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අළෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
ජනතාව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වීම නිසා නත්තල් සමයේ පසුගිය වසරවලට සාපේක්ෂ කේක් අළෙවිය සියයට 25ක් දක්වා අඩු වූ බව කී ජයවර්ධන මහතා බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාවද පැවැති බවද සඳහන් කළේය.
ආනයනික බිත්තර බේකරිහිමියන්ට නොලැබූ බව කී ඒ මහතා ඒ හේතුවෙන් දේශීය බිත්තරයක් රුපියල් 55 කට මිලදී ගෙන කේක් අඩු මිලට අළෙවි කිරීමේ අපහසුතාවක් පවතින බවද එන්. කේ. ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.