Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ද්විත්ව ගර්භාෂයක් සහිත කාන්තාවක් දින දෙකක් තුළ ගර්භාෂ දෙකකින් දරුවන් දෙදෙනෙක් බිහි කරයි

ද්විත්ව ගර්භාෂයක් සහිත කාන්තාවක් දින දෙකක් තුළ ගර්භාෂ දෙකකින් දරුවන් දෙදෙනෙක් බිහි කරයි

ද්විත්ව ගර්භාෂයක් සහිත කාන්තාවක් දින දෙකක් තුළ ගර්භාෂ දෙකකින් දරුවන් දෙදෙනෙක් බිහි කරයි

අමෙරිකාවේ ඇලබාමා ප්‍රදේශයේ ද්විත්ව ගර්භාෂ සහිත කාන්තාවක් දරුවන් දෙදෙනෙකු බිහි කර තිබෙනවා.

දින දෙකකදී ඇය මෙම දරුවන් බිහි කර ඇති බවයි.පසුගිය අඟහරුවාදා ඇය පළමු දරු ප්‍රසූතිය සිදුකළ අතර බදාදා දිනයේදී දෙවැනි දරු ප්‍රසූතිය සිදුකළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ඇය 32 හැවිරිදි වියේ පසුවන බව සඳහන්.

ද්විත්ව ගර්භාෂ පිහිටිම ඉතා දුර්ලභ වන අතර, කාන්තාවන් මිලියනයකින් එක් අයෙකුට පමණ මෙලෙස ගර්භාෂයන් දෙකක් පවතින බව වෛද්‍යවරු සදහන් කරනවා. මෙය නිවුන් දරු උපතක් ලෙස සැලකෙන අතර ඇය ප්‍රසූතාගාරය තුළ පැය 20ක පමණ කාලයක් ගතකර ඇති බවද සදහන්.

අලුත උපන් බිළිඳුන්ගේ සහ මවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Exit mobile version