Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ ප්‍රථම තැඹිලි(Sweet Coconut) අපනයන ගම්මානය මුරුතවෙල ඉහළ ගම්මානයේ දී

ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට පියවර

ගම්මාන 86ක තැඹිලි පැළ 45,000ක් වගා කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ ප්‍රථම Sweet Coconut හෙවත් තැඹිලි අපනයන ගම්මානය මුරුතවෙල ඉහළ ගම්මානයේ දී ඇරඹේ.

ශ්‍රී ලංකාවටම ආවේණික ශාකයක් වන තැඹිලි ශාකය මේ වනවිට අප රටට ඩොලර් උපයා දෙන ප්‍රධාන ශාකයක් වෙමින් තිබේ.

මෙතෙක් මෙරට තැඹිලි සඳහා අප රටේ මෙන්ම ලෝකයේ ද එතරම් අවධානයක් යොමු වී නොතිබුනු නමුත් මේ වනවිට මෙරට තැඹිලි සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතාමත් ඉහළ ඉල්ලුමක් පවතී. මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් එරටට අපනයනය කෙරෙමින් පවතී.

එසේ වුවත් මෙතෙක් වැවිලි බෝගයක් වශයෙන් නොව ගෙවතු වගාවක් ලෙස සිදු කෙරෙන තැඹිලි වගාව පළමුවරට අපනයනය ඉළක්ක කර ගත් වගාවක් ලෙස වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පසුගියදා (14) පියවර ගත්තේය.

ඒ අනුව ලංකාවේ ප්‍රථම තැඹිලී වගා ආදර්හ ගම්මානය ලෙස මුරුතවෙල ඉහළ ප්‍රදේශය සංවර්ධනය කිරීමේ කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් තැඹිලි පැළ 1500ක් මෙම ප්‍රදේශයේ ගෙවතු ආශ්‍රිතව රෝපණය කෙරේ. ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ තැඹිලි පැළ බෙදා දීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි. එක් ගෙවත්තකට තැඹිලී පැළ 10ක් බැගින් ලබා දීමට සැලසුම් කර තිබේ.

මෙරටින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කරන තැඹිලි ගෙඩියක් එරට වෙරළ කලාපයේ රුපියල් 2500ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරෙති. මේ වනවිට එරට තැඹිලි සඳහා ඇති ඉල්ලුම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

පොල් සංවර්ධන අධිකාරිය මැදිහත්වීම මත තැඹිලි අපනයනය සඳහා නියාමන ක්‍රමවේදයක් සැකසීම නිසා මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තැඹිලි ගෙඩියක් සඳහා එරට වරායේදී ඩොලර් 0.8 (දළ වශයෙන් රුපියල් 296) ක මුදලක් ලැබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කෙරේ.තැඹිලි අපනයනය කිරීමෙන් ඉකුත් වසරේදී (2022) රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.

Exit mobile version