Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෝලීය නායකයින්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට මෝදි පත්වෙයි

ගෝලීය නායකයින්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට මෝදි

ගෝලීය නායකයින්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට මෝදි

ගෝලීය නායකයින්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරී පත්ව ඇත.

අමෙරිකා මෝනිං කන්සල්ට් සමාගම විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව හෙළිව තිබේ. එම සමීක්ෂණයට අනුව අගමැති නරේන්ද්‍ර මෝදිට කැමැත්ත පළකළ ප්‍රතිශතය 76%කි.

පසුගිය සතියේ දී ඉන්දියාවේ පැවැත්වු ප්‍රාන්ත මැතිවරණයෙන්ද භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහනයක් හිමිකරගත් අතර ඊට සාපේක්ෂව ජාත්‍යන්තරයද නරේන්ද්‍ර මෝදිට සහාය පළකරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි. කොරෝනා වසංගත සමයේ දී පවා අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය ස්ථාවර මට්ටමක පැවතුණි.

මෙක්සිකෝ ජනාධිපති Andres Manuel Lopez Obrador (66%) සහ ස්විට්සර්ලන්ත ජනාධිපති Alain Berset (58%) ලබා ගනිමින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවේ.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් 37%ක කැමැත්තක්ද, කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ 31%ක්, එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ශ්‍රේණිගත කිරීම් 25%ක් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් 24%ක් හිමි කර ගෙන ඇත.

Exit mobile version