Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔස්ට්‍රේලියාව සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩු කිරීමට තීරණයක්

ඔස්ට්‍රේලියාව සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩු කිරීමට තීරණයක්

ඔස්ට්‍රේලියාව සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩු කිරීමට තීරණයක්

එළැඹෙන වසර දෙක තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව 2025 වසරේ ජුනි මාසය වනවිට එරටට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ සංක්‍රමණිකයින් 250,000කට පමණි.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර පැවති සංඛ්‍යාවට සමාන බවය.

මේ අතර විදෙස් රටවලින් පැමිණෙන ශිෂ්‍යයින්ට සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති දැඩි කිරීමටද එරට බලධාරීන් තීරණය කර තිබේ.

පසුගිය වසර කිහිපය තුළදී ඔස්ට්‍රේලියාවේ විදෙස් සංක්‍රමණිකයින් විශාල ලෙස ඉහළ ගිය අතර මේ හේතුවෙන් එරට තුළ නිවාස ගැටලුව වැඩිවිය.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ක්ලෙයා ඔ’නීල් විසින් පසුගියදා (11) දින වසර 10ක් සඳහා වූ සංක්‍රමණික සැලැස්ම එළිදැක්විය.

මෙම වසරේ ජුනි මාසය වනවිට ඔස්ට්‍රේලියාවට විදෙස් රටවලින් 510,000ක පිරිසක් සංක්‍රමණය වී තිබේ.

Exit mobile version