Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භාණ්ඩ 96කට වැට් බද්ද

භාණ්ඩ 96කට වැට් බද්ද

භාණ්ඩ 96කට වැට් බද්ද

බදු නිදහස දී ඇති ද්‍රව්‍ය එකසිය තිස් අටකින් අනූ හතක ඒ නිදහස ඉවත් කිරීමට යෝජනාවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී (07) පැවසීය.

මින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2ක් එනම් කෝටි 37800ක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අසංක නවරත්න මහතා ඉදිරිපත් කළ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

වැට් බද්ද ලෝකේ තියෙන දියුණු බද්දක් බවද ඔහු සඳහන් කළේය.
රංජිත් සියඹලා පිටිය මහතා මෙසේද පැවසීය.

බරපතල ආර්ථික අර්බුදයකින් මිදීම සඳහා සොයන පිළිතුරු කෙටි කාලීන නොව දිගු කාලීන විය යුතු බවයි. වැට් බද්දට අදාළ නොවූ භාණ්ඩ ලැයිස්තුව සංශෝධනය කිරීමෙන් රජය රුපියල් බිලියන 378ක ආදායමක් අපේක්ෂා කළා.මේ වන විට සියයට 9.2ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2024 වසරේ දී සියයට 12 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි. ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා මෙම වැටි බදු ඉහළ නැංවීමට තීරණය කළා. 2023 වසරේ දී රුපියල් බිලියන 187ක් වූ සුබ සාධන වියදම 2024 වසරේ දී බිලියන 207ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. රාජ්‍ය ආදායමෙන් සියයට 70ක් ණය පොලිය ලෙස නැවත ගෙවිය යුතුයි.

Exit mobile version