Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල රජයේ පින්තූර නාටකය හසුවෙයි – ගවේෂණාත්මක මාධ්‍යවේදීයකුගේ හෙලිදරව්ව

මෑතකදී පළවු ට්වීටර් පනිවුඩයක ගවේෂණාත්මක මාධ්‍යවේදීයකු වන මැක්ස් බ්ලුමෙන්තල් ඊශ්‍රායල ආක්‍රමණික ආණ්ඩුවට චෝදනා කරමින්, ඊශ්‍රායල ආක්‍රමණික ආණ්ඩු විසින් ඔක්තෝම්බර් 7 වන දින නෝවා සංගීත උළෙලේදී හමාස් සටන්කාමීන් විසින් දූෂණයට ලක් වූ වින්දිතයෙකු පෙන්වීමට නව ව්‍යාජ ඡායාරූපයක් ප්‍රකාශයට පත් කර ඇත.

මාධ්‍යවේදී බ්ලුමෙන්තල් තවදුරටත් තර්ක කරනුයේ එම ජායාරූපය එහි සඳහන් දිනට පෙර එකක් වූ බවත් එය බොහෝ විට දූෂණයට ලක් වූ කුර්දි සටන්කරුවෙකුගේ මියගිය ඡායාරූපයක් විය හැකි බවත්ය.

තවද එම මුල් ඡායාරූපය 2023 මැයි මැයි මස ජපන් වෙබ් අඩවියකදී සොයාගත හැකි බවත් ඔහු පවසයි.

එම ට්විටර් පණිවිඩයේ ඡායාරූප දෙකක් අන්තර්ගත වූ අතර එයින් එකක් ජපන් වෙබ් අඩවියේ පලවූ මුල් ඡායාරූපය වූ අතර අනික ඊශ්‍රායලය විදේශ අමාත්‍යාංශය විසින් ප්‍රචාරය කරනු ලැබු ඡායාරූපයයි.

බ්ලුමෙන්තල් තවදුරටත් පවසා සිටිනුයේ ඊශ්‍රායල ආක්‍රමණික ආණ්ඩුව විසින් ව්‍යාජ කතන්දරයක් පවසමින් වෙනස් කළ ඡායාරූපය විදේශීය මාධ්‍යයන්ට ඉදිරිපත් කළ බවයි.

මාධ්‍යවේදියා තවදුරටත් අවධාරණය කරන ලද්දේ නොවා සංගීත උළෙලදී මෙලෙස ඊශ්‍රායල ආණ්ඩුව විසින් ඡායාරූප ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් එම ජායාරූප තව දුරටත් හොදින් පරික්ෂා කිරිමේ අවශ්‍යතාව හා එය විශ්වාසනීයත්වය පිලිබඳ ප්‍රශ්න කිරිමක් බවයි.

පහත සඳහන් වෙබ්අඩවිය හරහා ඔබට තවත් තොරතුරු අවධාරනය කරග හැක > https://en.royanews.tv/news/47189/2023-12-05

Credit – Roya news

Exit mobile version