Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ආයෝජන ව්‍යාපෘතියක්

නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහලේ විදේශීය සංචාරකයින්ට නැවතුම්පොළක්

නුවරඑළිය තැපැල් කාර්යාලයේ උඩු මහලේ විදේශීය සංචාරකයින්ට නැවතුම්පොළක්

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එහි ඉදිරි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ඇත.

තැපැල් කාර්යාලය සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවට, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේදි මේ බව සඳහන් කර ඇත.

Exit mobile version