Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් දැඩි තර්ජනයක – නව අනාවරණයක්

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් දැඩි තර්ජනයක - නව අනාවරණයක්

ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් දැඩි තර්ජනයක - නව අනාවරණයක්

ලොව ඉහළ අලි මරණ සිදුවන රටක් ලෙස ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන් දැඩි තර්ජනයකට ලක්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පරිසර ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳව අවධානයට ලක්ව ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සත්ත්වයින් මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දණ්ඩනයට අදාළ ගාස්තු සංශෝධනය කළ යුතු බවටද එහිදී යෝජනා වී තිබෙනවා,

එමෙන්ම වනඅලි පොදු දේපලක් ලෙස බලගන්වා ඒ ඔස්සේ අදාළ වරදකරුවන්ට නිසි දඬුවම් පැනවීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීම සඳහාද එහිදී යෝජනා ඉදිරිපත් වී ඇති බව සඳහන්.

මීට අමතරව මෙරට වන අලි දැඩිව මරණයට පත්වන එක් අවස්ථාවක් ලෙස නීති විරෝධී අධිබලැති විදුලි රැහැන් ඇටවීම පිළිබඳ පූර්ණ අවධානය යොමුව ඇති අතර මේ සම්බන්ධව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතේ පැහැදිලි අර්ථකථනයක් නොමැති හෙයින් ඒ සම්බන්ධව පැහැදිලි අර්ථකථනයක් ඇතුළත් කොට අදාළ දඩුවම්ද ඇතුලත් කරමින් නව වගන්ති හඳුන්වාදීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ දී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

Exit mobile version