Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

HIV / AIDS පරීක්ෂණ කට්ටල නොමිලයේ නිවසටම

HIV / AIDS පරීක්ෂණ කට්ටල නොමිලයේ නිවසටම

HIV / AIDS පරීක්ෂණ කට්ටල නොමිලයේ නිවසටම

මුඛ තරලය භාවිත කරමින් නිවසේදීම විනාඩි කිහිපයකින් HIV / AIDS ආසාදනය ගැන තමන්ටම දැනගත හැකි ක්‍රමයක් මේවන විට ක්‍රියාත්මක කර ඇති බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක මහත්මිය පවසනවා.

ඒ අනුව අදාළ පරීක්ෂණය සිදු කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන හරහා නිවසටම නොමිලයේ ගෙන්වා ගත හැකියි.

එමෙන්ම අදාළ පරීක්ෂණය සඳහා මුඛ තරල ලෙස යොදා ගනු ලබන්නේ ඛේඨය නොවන අතර මුඛයේ ඇතුළත බිත්ති මත යම් සුළු බලයක් යොදා ලබා ගන්නා සාම්පලයක් බවත් එම සාම්පලය ලබා ගන්නා ආකාරයද පරීක්ෂණ කට්ටලය ලබා දීම සමගම දැනුවත් කරන බවත් විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

Exit mobile version