Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලා ලක්ශ සංඛ්‍යාත පිරිසක් ලන්ඩනයේ රැලි..

පලස්තීනයට සහයෝගය පල කරමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මධ්‍යම ලන්ඩනයට පෙළපාලි යෑම සඳහා රැස් වුහ.ඒ “ගාසාවට බෝම්බ හැලිම නවත්වන්න” සහ “දැන් සටන් විරාමය” යනුවෙනි.

මෙට්‍රොපෝලියන් පොලිසිය විසින් සඳහන් කලේ 300,000කට ආසන්න පිරිසක් මෙලෙස හයිඩ් පාර්ක් සිට කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය දක්වා ගමන් කල මෙම පල්ස්තීන හිතවාදි පා ගමනට සහභාගි වු බවයි.

ඔක්තෝබර් 7 වන දින පලස්තීනය විසින් දකුණු ඊශ්‍රායලයට එල්ල කරන ලද හමාස් ප්‍රහාරයෙන් පසුව හා ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගොඩබිමෙන් හා ගුවනින් ප්‍රහාර දියත් කිරිමෙන් පසු පලස්තීනයට සහයෝගය දැක්විම පිනිස මෙලෙස බ්‍රිතාන්‍ය අගනුවර පැවැති රැලි වල නවතම රැල්ල වූයේ පසුගිය සෙනසුරාදා පැවැති ” පලස්තීනය සඳහා ජාතික පා ගමන” යනනෙන් පැවැති මෙම රැල්ලයි.

මෙලෙස දකුණේ ප්‍රතිවිරෝධකරුවන් පොලිසිය සමග ගැටිම හා මෙම පා ගමන සිදු වුයේ පලමුවන ලෝක යුද්ධයේ අවසන් දිනය සහ මිලිටරි ක්‍රියා වලින් මරණයට පත් වූවන් සිහි කරනු ලබන සටන් විරාම දිනයේදි පලස්තීනයට සහාය දැක්විම සඳහා අවසර දිය යුතුද යන්න පිළිබඳව සතියක පමන කාලයක් පැවැති කෝපාවිෂ්ට විවාදයකින් පසුවයි.

පොලිසිය විසින් තව දුරටත් පවසා සිටියේ “සාමය කඩ කිරිම වැලැක්වීම” වෙනුවෙන් විරෝධතාකරුවන් 82 දෙනෙකු අත් අඩංගුවට ගත් බවයි.

පහතින් දැක්වෙන්නේ පා ගමනට අදාලා ජායාරූප කිහිපයකි.

Exit mobile version