Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගේ සේවය අත්හිටුවයි

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගේ සේවය අත්හිටුවයි

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගේ සේවය අත්හිටුවයි

අල්ලස් ලබා ගැනීමේ සිදුවීමකට මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

පරිසර බලපත්‍රයක් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පසුගිය සිකුරාදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් (11) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Exit mobile version