Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුනිටි ප්ලාසා(Unity Plaza) තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංවර්ධනය වෙයි

යුනිටි ප්ලාසා(Unity Plaza) තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංවර්ධනය වෙයි

යුනිටි ප්ලාසා(Unity Plaza) තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංවර්ධනය වෙයි

බම්බලපිටිය යුනිටි ප්ලාසා(Unity Plaza) සුපිරි වෙළෙඳ සංකීර්ණය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයෝජන වැඩපිළිවෙළ යටතේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංවර්ධනය කර ඇත.

Unity Plaza වෙළෙඳ සංකීර්ණය කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති ප්‍රධානතම වාණිජ ගොඩනැඟිල්ලකි. මේ වන විට මෙය සියලු තොරතුරු තාක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටින් සපුරා ගැනීමේ හැකියාව ඇති ප්‍රමුඛතම සාප්පු සංකීර්ණය බවට පරිවර්තනය වී තිබේ.

ප්‍රතිසංවර්ධනය කෙරුණු Unity Plaza වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් (07)වැනි දා සිදු කෙරිණි.

1982 වසරේ ජුනි මස 25 වනදා ඔනාලි හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් Unity Plaza ආරම්භ කර තිබේ.

වර්තමානයේ Unity Plazaහි 51%ක කොටස් අයත් වන්නේ මෙම සමාගමටයි. මෙහි 45%ක කොටස් නාගරික සංවර්ධන අධිකාරියට අයත් වේ. මෙම වෙළෙඳ සංකීර්ණයේ නවීකරණ කටයුතු ආරම්භ කෙරුණේ 2021 වසරේදීය. ඒ සඳහා රුපියල් මිලියන 400ක පමණ මුදලක් වැය වී ඇත.

වර්තමානයේ කැපී පෙනෙන පරිවර්තනයකට ලක්ව ඇති මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණය, අලෙවි සැල් සහ කාර්යාල පහසුකම්වලින් යුතු මහල් 5කින් සමන්විතය. නව ප්‍රතිසංවර්ධන කටයුතු සමඟ පාරිභෝගික හිතකාමී පහසුකම් රැසක් මෙහි අන්තර්ගත කර තිබේ.

Exit mobile version