Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්පැන් සමාගම් 5ක් රු. කෝටි 672කට වැඩි බදු මුදලකට පොලු තියයි

සියලු මත්පැන් වර්ගවල මිල ඉහළට

සියලු මත්පැන් වර්ගවල මිල ඉහළට

මත්පැන් සමාගම් පහක් රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බදු පමා වන සෑම මාසයකටම සියයට 3ක බද්දක් අය කරන හෙයින් කෝටි 400ක ප්‍රමාද ගාස්තු එකතුවී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

මෙම සමාගම් වසා දැමීමෙන් එම බදු අය කර ගත නොහැකි වන බව පැවසූ සියඹලාපිටිය මහතා බදු ගෙවීම සඳහා ඒ සමාගම්වලට දෙසැම්බර් 29 තෙක් කල්දී ඇතැයිද ප්‍රකාශ කළේය.

ඉන්පසු බලපත්‍ර කාලය දීර්ඝ නොකිරීමටත් අධිකරණ ක්‍රියාමාර්ග වලට යෑමටත් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

සුරා බදු වංචා වැළැක්වීමට වැඩිම ක්‍රියාමාර්ග ගත් යුගය මෙය බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මත්පැන් බෝතල් සඳහා ස්ටිකරය හඳුන්වාදීම විප්ලවකාරී පියවරක් බව පැවසූ අමාත්‍යවරයා එහි ප්‍රශ්න තිබෙන බවද සඳහන් කළේය.

ස්ටිකරය හරියාකාරව ක්‍රියාත්මක කළොත් රාජ්‍ය ආදායම විශාල වශයෙන් ඉහළ නැංවිය හැකි බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

Exit mobile version