ගත වූ මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් 788,235 දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවා තිබේ. ඒ, විදුලි බිල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන්ය.
ආර්ථීක අර්බුදයත් සමග විදුලි බිල වැඩිකිරීම, බදු වැඩි කිරීම ඇතුළුව ජීවන වියදම් ඉහළ යාමත් රුපියලේ අගය පහත වැටීමත් නිසා විදුලි බිල ගෙවීම මේ වනවිට අභියෝගයක්ව පවතී.
විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, වැඩිම විදුලිය සැපයිම අත්හිටුවීම අගෝස්තු මාසයේ වාර්තා වන බවයි. එම සංඛ්‍යාව 120,474කි.
ජුලි මාසයේදී පමණක් පාරිභෝගිකයින් 118,481 දෙනෙකුගේ විදුලිය සැපයුම අත්හිටුවා තිබේ.
ඔක්තෝම්බර් මාසයේ පමණක් විදුලිය සැපයුම අත්හිටුවා ඇති පාරිභෝගිකයින් සංඛ්‍යාව 106,106කි.
මේ වසර තුළ, මේ දක්වා තුන් වතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය කටයුතු කර ඇත.