Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාව තුළ දිනකට මිනිසුන් 40ක්, වසරකට මිනිසුන් 15000ක් මද්‍යසාර භාවිතය හේතුවෙන් අකාලයේ මිය යයි

ලංකාව තුළ දිනකට මිනිසුන් 40ක්, වසරකට මිනිසුන් 15000ක් මද්‍යසාර භාවිතය හේතුවෙන් අකාලයේ මිය යයි

ලංකාව තුළ දිනකට මිනිසුන් 40ක්, වසරකට මිනිසුන් 15000ක් මද්‍යසාර භාවිතය හේතුවෙන් අකාලයේ මිය යයි

මද්‍යසාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට මිනිසුන් 40ක් පමණ අකාලයේ මිය යන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මද්‍යසාර භාවිතය නිසා වසරකට මිනිසුන් 15000ක් පමණ මිය යන බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මද්‍යසාර වලින් ලැබෙන ආදායමට වඩා මද්‍යසාර නිසා රටට සිදුවෙන ආර්ථික හානිය විශාල බව අධ්‍යන වලින් පැහැදිළි වන බව පවසන එම මධ්‍යස්ථානය 2015 වසරේ සුරාබඳු ආදායම රුපියල් මිලියන 105234ක් වන විට එම වසරේ මද්‍යසාර නිසා රජයට සිදු වූ ආර්ථික හානිය රුපියල් මිලියන 119660ක් බව පවසයි.

රටක සංවර්ධනයට මද්‍යසාර බාධාවක් වන අතර එය තිරසාර සංවර්ධන ඉලක්ක 17න් 14ක් සඳහාම මද්‍යසාර බාධකයක් ලෙස කටයුතු කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මද්‍යසාර කිසිඳු ප්‍රමණයක් මිනිස් සිරුරට හිතකර නොවන බව විද්‍යාත්මකව සනාථ කර ඇති අතර පිළිකා, සිරෝසිස්, වකුගඩු, හෘද රෝග වැනි රෝග බොහොමයකට මද්‍යසාර භාවිතය සෘජුවම බලපාන බව තහවුරු කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

රිය අනතුරු, කාන්තා හිංසනය හා ළමා අපචාරවලටද මද්‍යසාර ප්‍රධාන හේතුවක් වී ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.ඉන් ජන ජීවිතය ඉහළට ඔසවා තැබිය හැකි බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Exit mobile version