Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රෆා හරස් මාර්ගය විවෘත වෙයි; අවතැන්වූ ලාංකිකයින් 15ක් ඊජිප්තුවට

රෆා හරස් මාර්ගය විවෘත වෙයි; අවතැන්වූ ලාංකිකයින් 15ක් ඊජිප්තුවට

රෆා හරස් මාර්ගය විවෘත වෙයි; අවතැන්වූ ලාංකිකයින් 15ක් ඊජිප්තුවට

සති තුනකට වැඩි කාලයක් ගාසා තීරයේ සිරවී සිටි සිවිල් වැසියන්ට ඊජිප්තුවට පැමිණීමට හැකියාව ලැබී තිබේ.

ඒ, ජනතාවට පිටවීම සඳහා පළමු වතාවට රෆා හරස් මාර්ගය විවෘත වීමත් සමඟිනි. ඒ සමග 400කට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදේශ ගමන් බලපත්‍ර හිමියන් 335 දෙනෙකු සහ තුවාල ලැබූ ගාසා වැසියන් 76 දෙනෙකුට මේ වනවිට පිටව යාමට හැකි වී ඇති බව පලස්තීන බලධාරීන් පවසයි.

ගාසා භූමියෙන් පිටව ගිය අය අතර බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍ර හිමියන්ද සිටින බව සදහන් වේ.
මේ වනවිට ගාසා හි දුරකථන සහ අන්තර්ජාල සේවා සම්පූර්ණයෙන්ම කපා හැර ඇත.

මේ අතර ගාසා තීරයේ අවතැන්වු ශ්‍රී ලාංකිකයන් 17 දෙනාගෙන් 15 දෙනෙකු රෆා දේශ සීමා ඔස්සේ (02) ඊජිප්තුවට ළඟා වීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු තානාපති කාර්යාලය හරහා සුදානම්කොට ඇති බවයි.

Exit mobile version