Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු. එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වීමට ඉඩහැරලා

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව ප්‍රකාශයට

අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් සීමාව ප්‍රකාශයට

මැතිවරණ කොමිෂන් සභාව පසුගිය මැතිවරණ කිහිපයක් සඳහා නිසි සැලසුමකින් තොරව මිලදී ගෙන ඇති රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ තොගයක් පැත්තකට දමා විනාශ වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙසේ විනාශවීමට ඉඩ හැර ඇතැයි පැවසෙන්නේ ටෝනර්, රිබන්, මාස්ටර් රෝල් තීන්ත යනාදී භාණ්ඩ තොගයකි.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් ගෙන් කළ විමසුමකදී ඔවුන් සඳහන් කර ඇත්තේ වගකිවයුත්තන් නිශ්චය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවයි.

කමිටු වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිලධාරීන් සඳහන් කර ඇත.

මේ අනුව මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර වගකිවයුත්තන් නිශ්චය කිරීම කඩිනමින් කළ යුතු බව ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

මේ අතර 2022 වර්ෂයේ වර්ෂයේ දී සිදුවී ඇති වාහන අනතුරු තුනකට අදාළව මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව පවසන විගණන කාර්යාලය 2019 2020 2021 වර්ෂවලදී සිදුවී තිබූ අනතුරුවලින් තවදුරටත් අයකරගැනීමට නොහැකි වූ හා පොත් වලින් කපා හැරීමට නොහැකි වූ හානිවල වටිනාකම ලක්ෂ විසි පහකට වැඩි බවද සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුම් වලදී මැතිවරණ කොමිෂන් කොමිෂන් සභාවේ නිලධාරින් ප්‍රකාශ කර ඇත්තේ එම අලාභයන් පොත් වලින් කපා හැරීමට කටයුතු කරන බවයි.

මේ තොරතුරු සඳහන් වන්නේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු 2022 විගණන වාර්තාවේය.

Exit mobile version