Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් අරඹයි

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් අරඹයි

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් අරඹයි

තුර්කි ගුවන් සේවය, ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය (30)වැනි දා උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.

ඒ අනුව TK-730 දරන ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිට (30)වැනි දා උදෑසන 05.40ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී ඇති බව සඳහන්.

මෙම ගුවන් යානයෙන් මගීන් 261 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ගුවන් ගමන සඳහා පැය 08ක කාලයක් වැය වන අතර සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල උදෑසන 05.40ට තුර්කියේ සිට සහ නැවත උදෑසන 07.40ට කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කිය බලා ද පිටත්වීමට නියමිතයි.

වසර 10ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයින හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත සිය ගුවන් සේවා පවත්වා ගෙන ගොස් තිබූ අතර, මෙලෙස ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමත් සමග තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වනු ඇති බවට ගුවන් තොටුපළ බලධාරීන් විශ්වාසය පළ කර තිබෙනවා.

Exit mobile version