Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වරාය නගරයේ තීරු බදු රහිත ව්‍යාපාරවල සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කරයි

වරාය නගරයේ තීරු බදු රහිත ව්‍යාපාරවල සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කරයි

වරාය නගරයේ තීරු බදු රහිත ව්‍යාපාරවල සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කරයි

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදු කරගෙන යාම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කර තිබෙනවා.

ඒ අනුව තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් සිදුකළ යුතු වනවා.

එම අයෝජකයාට තීරු බදු රහිත වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක් ද තිබිය යුතු බවද සඳහන්.

එමෙන්ම තීරු බදු රහිත සාප්පු සංකීර්ණ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අමෙරිකානු ඩොලර් මිලියන 07ක අවම අයෝජනයක් සිදුකළ යුතු බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

 

Exit mobile version