Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 වසරේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 191ක් මිය ගොස්

අලි මිනිස් ගැටුම 2022දී අලි ඇතුන් 433 දෙනකු මරුට

අලි මිනිස් ගැටුම 2022දී අලි ඇතුන් 433 දෙනකු මරුට

අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 191ක් වසරේ මේ දක්වා කාළය තුළ මිය ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය පවසයි.

වෙඩි තැබීම්, විදුලි සැර වැදීමෙන්, හක්කපටස් පිපිරීමෙන්, විෂ ශරීර ගතවීමෙන් ඇතුලු වෙනත් අනතුරු හේතුවෙන් මෙම අලින් මියගොස් ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසීය.

ඒ අනුව වෙඩි තැබීම් හේතුවෙන් වන අලින් 72ක්, විදුලි සැර වැදීමෙන් වන අලින් 45ක්, හක්කපටස් පිපිරීමෙන් වන අලින් 37 ක්, විෂ ශරීර ගතවීමෙන් වන අලින් 3ක්, දුම්රිය අනතුරු මගින් වන අලින් 16ක්, වගා ළිං වලට වැටීමෙන් වන අලින් 3ක් සහ වෙනත් අනතුරු හේතුවෙන් වන අලින් 15ක් මියගොස් ඇත.

Exit mobile version