Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනට

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනට

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනට

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති මාරියා ෆර්නැන්ඩා ගාර්සා පස් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ලොව පුරා ව්‍යාපාරික සමාගම් මිලියන 45ක ආයතනික සාමාජිකත්වය ඇති රටවල් 170ක් නියෝජනය කරන ජාත්‍යන්තර වානිජ මණ්ඩලය, ලෝකයේ විශාලතම සහ වඩාත් බලගතුම ව්‍යාපාරික සංවිධානය ලෙස හැඳින්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළෙඳ සංවිධානය සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය යන සංවිධාන නියෝජනය කරන එකම වාණිජ මණ්ඩලයද වන්නේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයයි.

දිවයිනට පැමිණි මාරියා ෆර්නැන්ඩා ගාර්සා මහත්මිය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාවද මෙයයි.

Exit mobile version