Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි අතපත්තු – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම්කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරගාවලි ජයක් හිමිකරගත් එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා සළකා බලා ICCය මෙම තීරණය ගෙන ඇත.

එහිදී චමරි ලකුණු 114ක් රැස්කරමින් කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

චමරි අතපත්තු මේ වනවිට ICC ක්‍රීඩිකාවන්ගේ පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසුවන අතර තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවෙයි.

ICCයේ එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 3වන ස්ථානයේ පසුවෙයි.

Exit mobile version