Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වූ නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝගයක්

ග්‍රාම නිලධාරිනියකට තර්ජනය කළ මාලිමා මන්ත්‍රීට දුන් නියෝගය

ග්‍රාම නිලධාරිනියකට තර්ජනය කළ මාලිමා මන්ත්‍රීට දුන් නියෝගය

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය (13) නියෝග කර තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය එහිදී වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ එම පුද්ගලයින් නොවැම්බර් මස 16 වනදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටය.

අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශණයකට අදාළව කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා මෙම නියෝගය සිදුකළේය.

Exit mobile version