Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක්

කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක්

කූඨ ලේඛන යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් CIDයට පැමිණිලි 5 ක්

කූඨ ලේඛණ හා ව්‍යාජ අත්සන් යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට සහ මේවා වෙළෙඳ පොළට මුදා හැරීම නවතන ලෙසට ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 5ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශකවරයකු, ස්වේඡා සංවිධානයකින්, ජාතික ඖෂධ නියාමන කොමිසම් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී, ඖෂධ නියාමන අධිකාරියෙන් ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ තවත් පුද්ගලයකු මගින් මෙම පැමිළිණි ඉදිරිපත් කර ඇත.

මේ සම්බනධයෙන් යම් හැදෑරිමක් කර විමර්ශන ආරම්භ කර ඇති බවටත්, නිලධාරීන් ප්‍රකාශ සටහන් කරමින්, ලිපි ලේඛණ පරික්ෂා කරමින් මුලික විමර්ශන ආරම්භ කර ඇති බවටත්, හෙතෙම පැවසීය.

Exit mobile version