Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 නොබෙල් සාම ත්‍යාගය ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනි නර්ගීස් මොහම්මදීට

2023 නොබෙල් සාම ත්‍යාගය ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනි නර්ගීස් මොහම්මදීට

2023 නොබෙල් සාම ත්‍යාගය ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනි නර්ගීස් මොහම්මදීට

බන්ධනාගාරගතව සිටින ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරීනි නර්ගීස් මොහොම්මදී, 2023 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

ඒ, කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇය කළ මෙහෙවර වෙනුවෙනි.

ඇය, ඉරාන පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය මාසා අමීනි වෙනුවෙන් යුක්තිය ඉල්ලා වීදි සටන් ආරම්භ කිරීමේ පුරෝගාමියෙකි.

හිස් පළඳනා ගිනි තබමින් කාන්තා විමුක්තිය ඉල්ලා ඇය මෙහෙයවූ සටන් ලෝකයේම අවධානයට පාත්‍ර විය.

ආණ්ඩුව විසින් පනවා ඇති දැඩි නීති මධ්‍යයේ කාන්තාවන්ගේ අයිතීන් දිනාදීම වෙනුවෙන් විරෝධතාවල නිරත වූ ඇය, පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිණ.

කෙසේ වෙතත් ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණීම සඳහා ඇයට නිදහස හිමිවනු ඇතැයි නොබෙල් ත්‍යාග කමිටුව පවසයි.

Exit mobile version