Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමෘද්ධිලාභීන් ලක්ෂ 3කට වැඩි පිරිසක් වසර 28ක් තිස්සේ දිගටම ආධාර ලබයි

සමෘද්ධිලාභීන් ලක්ෂ 3කට වැඩි පිරිසක් වසර 28ක් තිස්සේ දිගටම ආධාර ලබයි

සමෘද්ධිලාභීන් ලක්ෂ 3කට වැඩි පිරිසක් වසර 28ක් තිස්සේ දිගටම ආධාර ලබයි

සමෘද්ධිලාභීන් ලක්ෂ 3කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට විගණන නිලධාරිහු චෝදනා කරති.

සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි 126ක් වැය කර ඇතැයි පවසන විගණන කාර්යාලය සවිබලගැන්වීම් පිළිබඳව නිශ්චිත ඉලක්කයක් හඳුනා ගැනීමකින් තොරව එම මුදල් වැය කර ඇති බවද සඳහන් කරයි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2020, 2021 සහ 2022 වර්ෂවලදී පිළිවෙලින් සමෘද්ධිලාභීන් 1958ක්, 18629ක් සහ 21189ක් වශයෙන් හඳුනාගෙන තිබූ බවත් වාර්ෂිකව සවිබල ගැන්වූ ප්‍රතිලාභීන් පිළිබඳ නිශ්චිත ඉලක්ක ඇතුළත් සැලැස්මකට අනුකූලව කටයුතු කර නොතිබූ බවත් එම වාර්තාවේ දැක්වේ.

සමෘද්ධිලාභීන් සවි බල ගැන්වීම සඳහා රජය වාර්ෂිකව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට සාපේක්ෂව දෙපාර්තමේන්තුවේ සවිබලගැන්වීම අවම මට්ටමක පැවතුණු බව එම වාර්තාව සඳහන් කරයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක ආදායම් උත්පාදන ව්‍යාපෘතිවල නියැලී සිටින ප්‍රතිලාභීන් 1112 දෙනකුගේ සමෘද්ධි සහනාධාර ඉවත් කිරීමට කටයුතු කළ යුතු වුවත් ග්‍රාමීය කමිටු ඒ සඳහා නිර්දේශ ලබාදී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය තව දුරටත් පවසයි.

Exit mobile version