Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් නිවේදනයක්

යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් නිවේදනයක්

යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් නිවේදනයක්

විනිසුරු ටී.සරවනරාජා මහතා මුහුණ දී සිටින අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය ගරු කරන සියලු දෙනාටම දැඩි කම්පාවක් ජනිත කර ඇතැයි යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට කෙතරම් බලපෑම් එල්ල වී ඇත්ද යන්න මෙම සිදුවීමෙන් ඉස්මතු වී ඇති බව යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රට උග්‍ර ආර්ථික අර්බුදයකට ලක්ව ඇති වර්තමානය තුළ ජාතිවාදය අතට ගන්නා දේශපාලන බලවේග ජනතාව දෛනිකව මුහුණ දෙන ගැටලු වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන බවයි.

ජාතිවාදී කල්ලි සහ ජනතා සුබ සිද්ධිය ගැන කිසිම උනන්දුවක් නොමැති වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට සියලු දෙනා එකතුවිය යුතු බවද යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පීඩනයට හා තර්ජනවලට ලක්ව සිටින සරවනරාජා විනිසුරුවරයාට නැවත සිය තනතුරට පැමිණ ස්වාධීනව රාජකාරි කිරීමට හැකි බවට රජය වහාම සහතික විය යුතු බවය.

Exit mobile version