Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිපා වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ වන විට වාර්තා වී ඇත්තේ, නිපා වෛරස් රෝගීන් 06 දෙනෙකු පමණක් බවයි.

පසුගිය අගෝස්තු මාසය අවසානයේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආසාදිතයන් හමුවීම ආරම්භ වී ඇති අතර, හමුවූ ආසාදිතයින් ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් පසුගිය 22වැනි දිනෙන් පසු ඉන්දියාවෙන් කිසිදු නව ආසාදිතයෙක් හදුනාගෙන නොමැති අතර, ආසාධිත රෝගීන් සබඳතා ඇති බවට සැක කළ 700කට අධික පිරිසක් නිරෝධායනය කර ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

නිපා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දියාව තුළ ක්‍රියාත්මක කර ඇති පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගය පැතිරයාම අවම වී ඇති අතර, එමනිසා ශ්‍රී ලංකාවට ඇති අවදානම ඉතා අඩු මට්ටමක බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එබැවින් මහජනතාව කලබලයට පත්වීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීප ව නිරීක්ෂණය කරමින් සිටින බැවින් අවශ්‍යතාව මත ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාවට උපදෙස් ලබාදීමට කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Exit mobile version