Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක්

වසරේ ජනවාරි සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් සටහන් කරයි

වසරේ ජනවාරි සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් සටහන් කරයි

ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට (26) දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් (10 ලක්ෂය) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත (26) පස්වරුවේ පැමිණියහ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාවට පැමිණි මිලියනයේ සංචාරකයා වූයේ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් (Alex Mazkov)ය. ඔහු සමග ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දරු දෙදෙනාද පැමිණ සිටියහ.

ඔවුන් රුසියාවේ සිට ඕමානය වෙත පැමිණ, පසුව එරට මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත(26) පස්වරු 02.10ට පැමිණ තිබුණි.

2019 වසරෙන්, වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට මෙසේ සංචාරකයන් පැමිණීම මිලියනය ඉක්මවා යමින් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් ජයසේකර මහතා පැවසීය.

මෙම මිලියන සංචාරකයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Exit mobile version