Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්ත විරෝධි හා මාර්ගගත පනත් කෙටුම්පත් වහා හකුලාගන්න

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී කෙටුම්පත හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුවට බලකර සිටී.

එම සංගමය (23) පැවති සාකච්ඡාවකදී ඒකමතිකව තීරණය කර ඇත්තේ, මෙම පනත් දෙක, මානව නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආදිපත්‍යයට දැඩි සේ බලපාන බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ක්ෂේත්‍රයට අදාළ පාර්ශවයන්ගේ කිසිඳු අදහස් විමසීමකින් තොරව, මෙම පනත් කෙට්මුපත් කර ඇති බවද ඔවුන් පවසයි.

මෙලෙස සමාජයට බලෑම් එල්ල කළහැකි පනත් හදුන්වාදීමට පෙර අදාළ පාර්ශව සමග හරවත් සංවාදයක් ඇති කරගැනීම වැදගත් බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version