Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විද්‍යා පීඨ ගුරු බැඳුම්කරය ලක්ෂ 17 දක්වා වැඩි කිරීමට අවධානය

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අයදුම්පත් කැඳවයි

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අයදුම්පත් කැඳවයි

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලින් පුහුණුව ලැබූ ගුරුවරුන්ගේ බැඳුම්කරය රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ දාහත දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

බැඳුම්කරය වැඩි කිරීමට අවධානය යොමු කර ඇත්තේ එම ගුරුවරුන් රජයේ පාසල්වල පත්වීම්භාර නොගෙන පෞද්ගලික පාසල්වල පත්වීම් ලබා ගැනීමේ ප්‍රවණතාවක් ඇති වෙමින් තිබීමය.

රුපියල් ලක්ෂ දාහතක් දක්වා වැඩි කිරීමේ යෝජනාව විද්‍යා පීඨ මණ්ඩලයට ඉදිරිපත්ව ඇති නමුත් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති අතර ඒ පිළිබඳව අවසන් තීරණයක් ඉතා කඩිනමින් ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.

විද්‍යා පීඨවලින් පුහුණුව ලබන ඇතැම් ගුරුවරු රජයේ පාසල්වල පත්වීම් භාර නොගෙන පෞද්ගලික පාසල්වල පත්වීම් ලබා ගනිමින් සිටින බව මේ වන විට අනාවරණය වෙමින් පවතියි. පුහුණුව ලබන කිසියම් ගුරුවරයකුට රුපියල් ලක්ෂ පහක බැඳුම්කරය ගෙවා ඉවත් වීමට හැකියාව පවතී.

පුහුණුව ලබන්නන් දිගින් දිගටම පෞද්ගලික පාසල් කරා යොමු වුවහොත් අනාගතයේ දී බරපතළ තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසීය.

Exit mobile version