Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්ත විරෝධී පනත යළි ගැසට් කරයි

අධිකරණ අමාත්‍යංශයට ජනපති යටතට

අධිකරණ අමාත්‍යංශයට ජනපති යටතට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යළි ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය සෙනසුරාදා දිනයේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

මීට පෙර මේ වසරේ මාර්තු මස 22වැනි දින ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.ඊට බොහෝ පාරශ්වවලින් විරෝධතා එල්ල වීමත් සමඟ එය සංශෝධනය කිරීමට රජය විසින් තීරණය කළ අතර, බොහෝ දෙනෙකුගේ උපදෙස් සහ අදහස් ලබාගෙන එම නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සකස් කර තිබේ.

Exit mobile version