Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටවල් 5කට යුරෝපා සංගමය පැනවූ තහනම තවදුරටත්

රටවල් 5කට යුරෝපා සංගමය පැනවූ තහනම තවදුරටත්

රටවල් 5කට යුරෝපා සංගමය පැනවූ තහනම තවදුරටත්

හංගේරියාව, පෝලන්තය හා ස්ලෝවැකියාව, යුක්‍රේන ධාන්‍ය සඳහා වන තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

යුරෝපා සංගමය යුක්‍රේනයේ අසල්වැසි රටවල් පහකට බලපාන පරිදි තහනමක් පැනවීමට කටයුතු කර තිබුණා.
ඒ යුක්‍රේනයෙන් සිදු කෙරෙන ආනයන සඳහායි.

මැයි මාසයේදී යුරෝපා සංගමය පනවන ලද සීමා කිරීම් මගින් පෝලන්තය, බල්ගේරියාව, හංගේරියාව, රුමේනියාව සහ ස්ලෝවැකියාවට යුක්‍රේන තිරිඟු, බඩ ඉරිඟු සහ සූරියකාන්ත බීජ දේශීය අලෙවිය තහනම් කර තිබෙනවා.

යුරෝපා කොමිසමේ තීරණය නොසලකා පෝලන්තය මෙම තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.

ධාන්‍ය, එළවළු, මස් නිෂ්පාදන කිහිපයක් සහ මී පැණි ඇතුළු යුක්‍රේන කෘෂිකාර්මික නිෂ්පාදන 24ක් සඳහා හංගේරියාවද තහනමක් පනවා තිබෙනවා.

බල්ගේරියාව හැර සෙසු රටවල් සැප්තැම්බර් 15වනදා දක්වා තහනම දීර්ඝ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Exit mobile version