Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව C මට්ටමේ සිට RD හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමට

අයවැය ඉලක්ක සපුරාගැනීම අභියෝගයක් - ෆිච් රේටින්ග්ස්

අයවැය ඉලක්ක සපුරාගැනීම අභියෝගයක් - ෆිච් රේටින්ග්ස්

ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය මෙරට දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය C මට්ටමේ සිට RD හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටම දක්වා පහත හෙළා තිබේ.

ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේ, දේශීය බැඳුම්කර හුවමාරුවට අදාළ බැඳුම්කර වර්ගීකරණය D මට්ටමට පහත හෙළා ඇති අතර, එලෙස හුවමාරුවට ලක්නොවූ බැඳුම්කර C මට්ටමේ වර්ගීකරණය කර ඇති බවයි.

මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලබන සතිය අවසන් වන විට අවසන් කළ හැකි බවයි.

මේ අතර, ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වූ රටවල් පිළිබඳ ගෝලීය ස්වෛරීත්ව ණය වට මේස සාකච්ඡාව (15) පැවැත්වීමට නියමිතයි.

රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ, ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ජී 20 කණ්ඩායමට අයත් ලොව ප්‍රධාන ආර්ථිකයන් හිමි රටවල් එක්වීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 03ක විස්තීරණ ණය මුදලේ පළමු සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සමඟ ඊයේ ආරම්භ විය.

ණය පැහැරහැරීමට ලක්වූ රටවල දේහීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන් පිළිබඳ එහි දී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව භාරකාර අරමුදල් ඇතුළු දේශීය බැඳුම්කර හිමියන් සතු බැඳුම්කර හුවමාරුව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

මෙරට ආරංචි මාර්ග උපුටා දක්වමින්, රොයිටර් පුවත් සේවය පවසන්නේ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ නව සාකච්ඡා වටයක් ආරම්භ වීමට නියමිත බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු රජය සතු ව්‍යාපාරවල ණය පිළිබඳ මෙහි දී අවධානය යොමු කෙරෙන බව ද සඳහන්.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහි දී ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව 30%ක ණය අගය කප්පාදුවක් අපේක්ෂා කෙරිණි.

රොයිටර් පුවත් සේවය සඳහන් කළේ, ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවල දී දේශීය බැංකු සහ රාජ්‍ය ව්‍යවසායන්හි බැඳුම්කර හිමියන්ගේ දායකත්වය පිළිබඳ පොදු එකඟතාවක් ඇතිකරගැනීමට උත්සාහ කරනු ඇති බවයි.

Exit mobile version