Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආයෝජන ආකර්ශනය කර ගැනීමට තීරුබදු රහිතව වාහන ආනයනයට අනුමැතිය

විදේශගත ශ්‍රමිකයන්ට රජයෙන් දුන් විදුලි මෝටර් රථ ගෙන්වීමේ වාසිය අවභාවිතා කරලා

විදේශගත ශ්‍රමිකයන්ට රජයෙන් දුන් විදුලි මෝටර් රථ ගෙන්වීමේ වාසිය අවභාවිතා කරලා

ආයෝජන ආකර්ශනය කර ගැනීමේ අරමුණින් තීරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

දැනට පවත්නා ආයෝජන මණ්ඩල සමාගම් ප්‍රති ආයෝජන සඳහා වූ ආයෝජකයන් රඳවා ගැනීමේ හා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන සහ ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වුනු සේවා සමාගම් සීයක වැඩසටහන යටතේ ආයෝජන ආකර්ෂණය කර ගැනීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

රක්ෂණ සහ නැව් ගාස්තු සහිත වටිනාකම ඇමෙරිකා ඩොලර් 30000 නොඉක්මවූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහනයක් රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනය කිරීමට අවසර ලබා දීම පිණිස මුදල් ආර්ථිකය ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

Exit mobile version