පාර්ලිමේන්තුවේදී (07) සම්මත කරන ලද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ දින (08) සිය සහතිකය සටහන් කරන ලදි.
මෙම පනත් කොටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය පසුගිය දින දෙකක් (07) සහ (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් අනතුරුව සම්මත කිරීම සිදු විය.
ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත වශයෙන් මෙම පනත් දෙක 2023.09.08 වන දින සිට බලාත්මක වේ.

