Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“චැනල් 4” හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම් – මනුෂ නානායක්කාර

"චැනල් 4" හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම් - මනුෂ නානායක්කාර

"චැනල් 4" හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම් - මනුෂ නානායක්කාර

මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් “චැනල් 4” නාලිකාව කළ හෙලිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳවත් ඊට අමතරව ජාත්‍යන්තරවත් පරීක්ෂණ අවශ්‍ය නම් රජයක් ලෙස ඒ සම්බන්ධවත් කටයුතු කිරීමටත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කිසිදු අයුරකින් රජය පසුබට වන්නේ නැතැයි නානායක්කාර මහතා කීය.

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මනුෂ නානායක්කාර මහතා මේ බව කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්දව බරපතල ප්‍රකාශයක් චැනල් 4 නාලිකාවෙන් ඉදිරිපත් කළ බවත් ඒ තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි හෙක්ටර් අප්පුහාමි මහතා ඉල්ලා සිටියේය.

Exit mobile version