Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට ජනගහනයෙන් 55%ක් අවදානම් දර්ශකයේ – නවතම සමීක්ෂණයකින් අනාවරණය වේ

මෙරට ජනගහනයෙන් 55%ක් අවදානම් දර්ශකයේ - නවතම සමීක්ෂණයකින් අනාවරණය වේ

මෙරට ජනගහනයෙන් 55%ක් අවදානම් දර්ශකයේ - නවතම සමීක්ෂණයකින් අනාවරණය වේ

අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා සහ ජීවන තත්ත්වය සැලකීමේ දී මෙරට ජනගහනයෙන් 55%ක් අවදානම් දර්ශකයේ පසුවන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ඔක්ස්ෆර්ඩ් ද්‍රරිද්‍රතාව සහ මානව සංවර්ධන ඒකකය එක්ව සිදුකළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව මෙරට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 06 දෙනෙකු අධ්‍යාපන, සෞඛ්‍ය, ආපදා සහ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් අවදානමේ පසුවන බව වාර්තා විය.

මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ පැතිකඩයන්ගෙන් සිදුව ඇති බලපෑම පිළිබඳව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

Exit mobile version