Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන මෙරට සියලුම විදේශිය රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කරයි

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන මෙරට සියලුම විදේශිය රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කරයි

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන මෙරට සියලුම විදේශිය රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කරයි

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබදව මෙරට සිටින සියලුම විදේශිය මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබදව මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සිය අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබදව ඔවුන්ට පවතින ගැටළු සදහා අලි සබ්රි අමාත්‍යවරයා, විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිතුරු ලබා දෙමින් කරුණු ඉදිරිපත් කර ඇත.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජයවර්ධන, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරිල් පුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Exit mobile version