ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළත් වී තිබෙනවා.
ඒ Global Finance සඟරාව විසින් ප්‍රකාශයට පත් කළ ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවටයි.
අදාළ ලැයිස්තුව A+, A, සහ A- යන ඛාණ්ඩ යටතේ වර්ග කර තිබෙනවා.
එහි A+ ඛාණ්ඩය යටතට ඉන්දියාව, ස්විට්සර්ලන්තය හා වියට්නාමය ඇතුළත් වී ඇති බව සඳහන්.
මේ සඳහා රටවල් 21ක් ඇතුලත් කර ඇති අතර එහි A- ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද සිටීම විශේෂත්වයක් වනවා.
මීට අමතරව A ඛාණ්ඩය යටතේ බ්‍රසීලය, ඊශ්‍රායලය,මොරිෂස්, නවසීලන්ත, පේරු සහ තායිවානය යන රටවල් අන්තර්ගත වී තිබෙනවා.
කොලොම්බියාව, අයිස්ලන්තය,ඉන්දුනීසියාව,මෙක්සිකෝව, මොරොක්කෝව, නෝර්වේ, දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාව යන රටවල් A- ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් සිටින රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇති බව සඳහන්.