Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පෙම් පලහිලව්වක් ඇතුගල්පුරයේ කැලෑවක් ගිනි තියලා

පෙම් පලහිලව්වකට ගිනි කූරු දල්වා කුරුණෑගල ඇතාගල කන්ද මුදුනේ ගින්නක් ඇති කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණ පෙම් යුවළ හෙට දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ නලීන් ජේ.එදිරිසිංහ මහතා නියම කර ඇත.

මහව නාගොල්ලාගම පදිංචි යුද හමුදා සෙබළකු (28) සමඟ ඔහුගේ පෙම්වතිය බව කියන මහනුවර වත්තේගම ප්‍රදේශයේ තරුණියක (20) එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

සැකකාර යුවළගේ නොසැලකිලිමත්කම නිසා මේ දිනවල පවතින අධික වියලි කාලගුණය සහ සුළඟ හේතුවෙන් එම ගින්න වළක්වා ගත නොහැකිව පැතිර ගියානම් ඇතුගල ප්‍රදේශය සහ කුරුණෑගල නගරාසන්නයේ ප්‍රදේශ ගණනාවක්ම ගින්නට හසුව බරපතළ විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බව පොලීසිය සඳහන් කර ඇත.

වයඹ පළාත් සභා සංකීර්ණය අසලින් ඇතුගල මුදුනට පිවිසීමට තනා ඇති ඉපැරැණි ගල් පඩි පිවිසුමේ මැද කොටසේ මෙම ගින්න හටගෙන තිබුණි.

කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සාමාජිකයන් සහ ⁣කුරුණෑගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් එක්ව දැඩි වෙහෙසක් ගෙන නිවා දැමීම හේතුවෙන් ඇති වීමට ගිය මහා විනාශයක් වළකාගත හැකිවී තිබේ.

 

Exit mobile version