Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්තශාලාව විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්තශාලාව විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්තශාලාව විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු වරට ඉදිකරන ලද අර්තාපල් තීරු සැකසුම් නිෂ්පාදන කර්මාන්තශාලාව (11) දින පස්වරුවේ බණ්ඩාරවෙල කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේදී විවෘත කෙරුණා.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන සහ කහත්තේවෙල ජනතා ගොවි සමාගමේ මූල්‍ය දායකත්වයෙන් මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 130කි.

මෙම කර්මාන්තශාලාව විවෘත කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ඒ. එච්. එම් මුසම්මිල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

දැනට අප රටේ අර්තාපල් තීරු සැකසුම් කර්මාන්තශාලාවක් නොමැති අතර, අප රටට අවශ්‍ය අර්තාපල් තීරු විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. මේ සඳහා වාර්ෂිකව වැය කරන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 3500 ඉක්මවයි. මෙම මුදල් ප්‍රමාණය අප රටේම ඉතිරි කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙම නිෂ්පාදන කර්මාන්තශාලාව ඉදි කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්තශාලාව මඟින් එම ප්‍රදේශයේ ගොවීන් 250කගේ අර්තාපල් වගාව මිලදී ගන්නා අතර, දෛනිකව මෙම කර්මාන්තශාලාව මඟින් නිෂ්පාදනය කරනු ලබන අර්තාපල් තීරු නිෂ්පාදන ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000කි.

දේශීය වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් පළමුව මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹෙන අතර, නිෂ්පාදන කටයුතු තවදුරටත් පුළුල් කිරීමෙන් අනතුරුව අපනයනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Exit mobile version