Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රියැදුරන් කරන වැරදි දැනුම්දීමට ලංගමෙන් විශේෂ App එකක්

රියැදුරන් කරන වැරදි දැනුම්දීමට ලංගමෙන් විශේෂ App එකක්

රියැදුරන් කරන වැරදි දැනුම්දීමට ලංගමෙන් විශේෂ App එකක්

රියැදුරන් සිදු කරන වැරදි දැනුම්දීම සඳහා විශේෂ ඇප් එකක් හඳුන්වා දෙන බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ හරහා රියැදුරන් සිදුකරන වැරදි මගීන්ට සෘජුවම ඉදිරිපත් කළ හැකි බවයි එහි අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ.

තවද ලංගම රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීම සඳහා රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වාදීමටද තීරණය කර තිබේ. ඒ හරහා රියැදුරන් සිදු කරන වැරදි ලංගම පරීක්ෂකවරුන්ට සලකුණු කළ හැකියි.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අනතුරු 218ක් පමණ සිදුව තිබේ.

එහිදී පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇතැයි එරන්ද පෙරේරා මහතා සඳහන් කළේය.

Exit mobile version