Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා යාල් නිලා සුඛෝපබෝගී සංචාරක දුම්රිය ගමන් අරඹයි

දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය

දීර්ඝ සති අන්තයට විශේෂ දුම්රිය

නව සංචාරක දුම්රිය ගමනාන්ත ඇති කිරීමේ සංකල්පය යටතේ උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන නවීකරණය කෙරුණු යාල් නිලා රාත්‍රී සීඝ්‍රගාමී සුඛෝපබෝගී සංචාරක දුම්රිය (05) ගමන් ආරම්භ කළා.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී නිල වශයෙන් දුම්රිය කන්කසන්තුරේ දක්වා ධාවනය ආරම්භ කළ බවයි සඳහන් වන්නේ.

දෙස් විදෙස් සංචාරකයින් ඇතුලු මගීන් රැසක් මෙම ආරම්භක දුම්රිය ගමන සඳහා එක්ව සිටියා.

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු වලින් අනතුරුව දුම්රිය ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමත් සමග පසුගියදා මෙම මාර්ගයේ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් නිරීක්ෂණ ධවනයකටද එක් වූණා.

(05) දින සාමාන්‍ය පරිදි මගී ජනතාව වෙනුවෙන් යාල් නිලා දුම්රිය ගමන් ආරම්භ කිරීම සිදු කළ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව කොළඹ කොටුවෙන් රාත්‍රී 10ට ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 05.52ට කන්කසන්තුරේ වෙත ලඟා වීමට නියමිතයි.එමෙන්ම රාත්‍රී 09.30ට කන්කසන්තුරේ සිට පිටත් වන දුම්රිය ගල්කිස්සට ලඟා වන්නේ පෙරවරු 05.36ටයි.

Exit mobile version